Trending Newsඑසැන පුවත්දේශීය

බදු අඩු කර, ඉන්දන මිල අඩු කරන ලෙස කංචන විජේසේකරගෙන් ඉල්ලීමක්.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. ඒ ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙසයි. . ඔහු සඳහන් කරන්නේ, එමඟින් මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි.

ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බව වත්මන් ආණ්ඩුව කරන අය, රැස්වීම්වලදී සඳහන් කළ බවත්, එම අගය ලීටරයක් සඳහා රුපියල් 150 ක් ව පවතින් බවත් ඔහු සඳහන් කළේය.

දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතු නිසා පොරොන්දු වූ පරිදි බදු ඉවත් කර, හැකි නම් ඩීසල් ලීටරයක් ​​රුපියල් 100 කට ලබා දෙන ලෙසත් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතියද පළ කළේය.

Related posts

க. பொ. த. உயர்தரப் பரீட்சை – விண்ணப்பத்திற்கான கால எல்லை நாளை நிறைவு

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

ஜப்பான் சக்கரவர்த்தியுடன் ஜனாதிபதி சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment