Trending Newsඑසැන පුවත්දේශීය

පළමු පුරවැසියා පොත් ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙයි.

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන  “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය”  සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ පැමිණියේය.

පොත් ප්‍රදර්ශනයට එක් වූ ජනාධිපතිවරයාට එහි පැමිණ ජනතාව සමග සුහද කතාබහක නිරතවූහ. මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විතයි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද මෙහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවෙත පිළිගැන්වින.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය  වාර්ෂිකව සංවිධානය කරන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සැප්තැම්බර් 27වන දින සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙ.ව9.00 සිට රාත්‍රි 7.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

Related posts

டெங்கு நுளம்புகளை ஒழிக்கும் விசேட செயற்றிட்டம் – சுகாதார அமைச்சு

Mohamed Dilsad

அடர்ந்த மூடுபனி காரணமாக அபுதாபி நெடுஞ்சாலையில் பாரிய விபத்து-(காணொளி)

Mohamed Dilsad

இலங்கைக்கு 36 தங்கப்பதக்கம்; கடற்கரை கரப்பந்தில் புதிய சாதனை

Mohamed Dilsad

Leave a Comment