Trending News

ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුවත් කිරීමක්

ආදායම් බදු ගෙවන පාර්ශ්වයන්ට විශේෂ දැනුවත් කිරීමේ නිවේදනයක් දේශීය අදායම් දෙපාර්තමේන්තුවනේ නිකුත් කර තිබේ. ඒ අනුව 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

තවද, ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇති වූ ‘ හිඟ බදු’ පවතී නම්, ඒ සියල්ල 2024 ඔක්තෝබර් 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු වේ. එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතී නම්, ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය කටයුතු ඇතුළුව සියලුම ආකාරයේ අය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බවද නිවේදනයේ සඳහන්.

එසේ යම් තැනැත්තෙක් කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවයි එම දෙපාර්තමේන්තුවේ නිවේදනය කර තිබෙන්නේ. එහිදී දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවද සඳහන්.

එම නිවේදනය පහතින්,

Related posts

இஸ்தான்புல் மருத்துவமனையில் திடீர் தீ

Mohamed Dilsad

மோசடி செய்து சாரதி அனுமதிப்பத்திரம் பெற்றவர் விளக்கமறியலில்

Mohamed Dilsad

Lieutenant Colonel Erantha Peiris remanded till Sept. 28

Mohamed Dilsad

Leave a Comment