Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජනාධිපති අනුර සමග සාකච්ඡා කරනවා – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වැඩසටහනේ මීළඟ සමාලෝචනයේ කාල සීමා පිළිබඳව සාකච්ඡා කරන බවත් ඒ සදහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ 2022 දී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට පිවිසීමෙන් පසු ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත රටේ අනාගතය ගොඩනැගීම සඳහා ජනාධිපති අනුර හා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා .

මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන්නක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරන කාල සිමා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැකි ඉක්මනින් නව පරිපාලනය සමඟ සාකච්ඡා කරන බව නිවේදනයේ දැක්වෙනවා.

Related posts

துப்பாக்கி ஒன்றுடன் சந்தேகநபர் ஒருவர் கைது

Mohamed Dilsad

ஐ.எஸ் தீவிரவாத அமைப்பின் தலைவர் கொல்லப்பட்டாரா? இல்லையா?

Mohamed Dilsad

39 நாடுகளுக்கு நடைமுறைப்படுத்தப்படவிருந்த விசா நிவாரணம் இரத்து

Mohamed Dilsad

Leave a Comment