Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය නිසා සැප්තැම්බර් 21 සහ 22 තැබෑරුම් වහලා

2024 ජනාධිපතිවරණයේ ජන්ද විමසීම හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසාදමන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 21 සහ 22 යන දෙදෙදින තුළ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුනට ඉහළ සුරාබදු ර.බි 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන වල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරිමට අවසර ලබාදී තිබේ.

දිවයින පුරා පිහිටි සෙසු සියලුම සිල්ලරට මත්පැන් විකිණිම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

විශේෂයෙන් ජනාධිපතිවරණ කාලසීමාව තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි දුරකථන අංකය වන 1913 දවසේ පැය 24 පුරා මහජනතාව වෙත විවෘතව තැබේ.

Related posts

රජයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

President arrives in Jakarta

Mohamed Dilsad

Five including woman arrested over drug racket

Mohamed Dilsad

Leave a Comment