Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන්න – ඇමරිකානු රජයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට දැනුම්දී ඇතැයි විදේශීය ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

සංචාරක උපදේශයනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇති අතර ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසද ඇමරිකන් ජාතිකයන්ට උපදෙස් දී ිබේ. සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර, ඒ අතරතුර සහ පශ්චාත් මැතිවරණ සමය තුළ උද්ඝෝෂණ ඇතිවීමට ඉඩකඩ පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව සාමකාමී ජනතාව එක්රැස්වීම්, පූර්ව දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන, ඇමරිකන් ජාතිකයන් තම ආරක්ෂා පළමු තහවුරු කරගෙන ජනතාව රැස්වන ස්ථානවලින් ඈත්ව සිටින ලෙස ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

Related posts

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි සුළු සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

தொழிற்சாலை ஒன்றில் ஏற்பட்ட தீ விபத்தில் 19 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Drug smuggler Sunil Shantha handed over to CID

Mohamed Dilsad

Leave a Comment