Trending Newsඑසැන පුවත්දේශීය

තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස බද්දේගම මහා ජන රැළියේදී කියයි.

තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරන, බව සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශ කළේ බද්දේගම නගරයේ දී 12 වෙනිදා පැවති මහා ජන රැළියේදීය.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කිවේය. තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරනවා. තේ කර්මාන්තය සුරක්ෂිත කරන අතර, කුඩා තේවතු හිමියන්ට කිලෝ 50 පෝර මිටිය රුපියල් 5,000ට ට අපේ ආණ්ඩුවක් යටතේ දෙනවා. තේ කර්මාන්තයේ ඉතිහාසය තුළ ස්වර්ණමය යුගය බිහි කරන්න සැප්තැම්බර් 21 වෙනිදාට බිහිවන සමගි ජන බලවේග ආණ්ඩුව අනිවාර්යයෙන්ම කැප වෙනවා. දුප්පත්කම තුරන් කර කුඩා තේවතු හිමියන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරන බවද කීවේය. සැප්තැම්බර් 21 වෙනිදා දුරකථනය ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය සළකුණු කරන්න. සැමට සුබදායී අනාගතයක් උදා කරනවා යැයි ද කීවේය

Related posts

තැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා මැතිවරණ කොමිෂමෙන් පණිවිඩයක්

Editor O

சகல பௌத்த மத பீடங்களும் ஞானசார தேரருக்கு மன்னிப்பு கோரி கடிதம் கையளிப்பு

Mohamed Dilsad

49 வர்த்தகர்களுக்கு எதிராக வழக்குத்தாக்கல்-நுகர்வோர் அதிகார சபை

Mohamed Dilsad

Leave a Comment