Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය මහින්ද අමරවීර සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත්ට සහාය දෙයිද…?

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බව පවසමින් එක්තරා වෙබ් අඩවියක් පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව අමාත්‍යවරයා පවසනවා. වෙබ් අඩවියක් විසින් ඊයේ (12) පළ කර ඇති පුවතක් සම්බන්ධව අදහස් දක්වමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසේ පැවසීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බවට කරුණු දක්වමින් එම වෙබ් අඩවිය විසින් පළ කර ඇති පුවත එයඩමුළුමනින්ම සාවද්‍ය පුවතක් බවත්,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු සංවිධානය අඛණ්ඩව සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එක්තරා වෙබ් අඩවියක් විසින් පළකර තිබෙන පුවත මුළුමනින්ම අසත්‍ය බවත්, කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය නොගන්නා බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවීම සඳහා මේ වනවිට සියලු පියවර ගන්නා බවත්, අමාත්‍යවරයා පවසනවා.සඳහන් කරයි.

Related posts

“No conditions between TNA and UNF” -Ravi K.

Mohamed Dilsad

World Bank says Sri Lanka needs to create over 120,000 new jobs each year

Mohamed Dilsad

ණය ගෙවීමේ අසීරුතාවයට පත්ව සිටින ව්‍යවසායකයින්ට සහනයක්

Editor O

Leave a Comment