Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත විශේෂ කාර්යය බලකාය

රට පුරා සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ
කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන 21 සහ ඊට පසු දින මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා ඒ අවට කලාපය අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කෙරේ. ඡන්දය විමසීමට පසු දින සියලුම අපේක්ෂකයන් මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවෙන හෙයින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන්ද යොදවෙන අතර
අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා නිලධාරින්ද කැඳවීමට පියවර ගනු ඇත. මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙතැයි හඳුනාගත් ප්‍රදේශ ගණනාවකට විශේෂ ආරක්ෂාව ලබාදීමටද පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් ප්‍රධානින් අතර විශේෂ සාකච්ඡාවක් මැතිවරණ
මහලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවැත්විණ. මැතිවරණයේ ආරක්ෂක වැඩ පිළිවෙළ පිළිබඳව එහිදී
දීර්ඝව සාකච්ඡා කර තිබේ.ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000ක පමණ පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇතැයි පොලීසිය කියයි.

Related posts

හිටපු ජනපති දිගටම සිංගප්පූරුවේ

Mohamed Dilsad

Ambulance service from land and air soon

Mohamed Dilsad

Inflation declines to 4.1 percent in November

Mohamed Dilsad

Leave a Comment