Trending Newsඑසැන පුවත්විදෙස්

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළට: සැප්තැම්බරයේ සිට ක්‍රියාත්මකයි

2024 සැප්තැම්බර් මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික මාසික අවම වේතනය රුපියල් 21,000 දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව මෙම රුපියල් 21,000 වේතනය සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝශික මුදල් ගෙවීමේ දී අදාළ කරගත යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

2016 අංක 03 දරන ජාතික අවම වේතනය පනත හඳුන්වා දීම මඟින් පෞද්ගලික අංශයේ සේවය කරන සියළුම සේවකයින් සඳහා 2016.01.01 දින සිට බලාත්මක වන ආකාරයට ජාතික අවම වේතනයක් නියම කිරීමට කටයුතු කර තිබේ. මෙම පනත මඟින් මාසික වැටුප් ගෙවන සේවකයන් සඳහා රුපියල් 10,000ක අවම වේතනයක් ද දෛනික වැටුප් ගෙවන සේවයන්ට රුපියල් 400ක දෛනික අවම වේතනයක් ගෙවීමට ද මුල් අවස්ථාවේ දී නියම කර තිබිණ. නැවත 2021 වර්ෂයේ දී මෙම පනතට ගෙනෙන ලද සංශෝධනයක් මඟින් අවම මාසික වේතනය රුපියල් 12,500 දක්වා ද දෛනික වේතනය රුපියල් 500 දක්වා ද 2021 අගෝස්තු මාසයේ සිට ඉහළ දැමින.

මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික අංශ‌යේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් 2021 වර්ෂයේ සිට සිදු නොවීම නිසා අවස්ථා කිහිපයක දී ජාතික කම්කරු උපදේශන සභාවේ දී සාකච්ඡා කිරීමෙන් පසු ජාතික අවම වේතනය රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ද, දෛනික අවම වේතනය රුපියල් 500 සිට 700 දක්වා ද රුපියල් 200කින් ද ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව, අදාළ පියවර අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම සංශෝධන කෙටුම්පත 2024.09.03 වන දින පර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට කටයුතු කළ අතර, ගරු කථානායකවරයා විසින් එකී කෙටුම්පතට අත්සන් කිරීමෙන් පසු මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Related posts

IOM commends Sri Lanka’s leadership in migration

Mohamed Dilsad

Head-on collision leaves 21 injured

Mohamed Dilsad

Dambara Amila Thero’s petition to taken up on Jan. 07

Mohamed Dilsad

Leave a Comment