Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි ජයසේකරට අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ
මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම වළක්වමින්. කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත, වාරණ නියෝගයක් අද(05) නිකුත් කළේය. දයාසිරි ජයසේකර මහතා විත්තිකරු කරමින් වේළු කුමාර විසින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව එම වාරණ නියෝගය නිකුත් කළේය.

සමගි ජන බලවේගය අකුරැස්සේ සංවිධානය කළ මහජන රැළියකදී දයාසිරි ජයසේකර මහතා විසින් කරන
ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින් මෙම නඩුව පවරා තිබූ අතර අදාළ අසත්‍ය හා දේවේශ සහගත
ප්‍රකාශයෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසද පැමිණිල්ල මගින්
වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ ප්‍රකාශය තවදුරටත් දයාසිරි
ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ හෝ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ
කිරීම වළක්වමින්, වාරණ නියෝග නිකුත් කළ අතර ජයසේකර මහතාට අතුරු තහනම් දැන්වීම් සහ එළඹෙන, දහනමවෙනි දින අධිකරණය කරුණු දක්වන ලෙසට දන්වමින් නොතිසී නිකුත් කෙරින,

Related posts

Indian Government announces scholarships for Sri Lankan students to study Hindi in India

Mohamed Dilsad

Two illegal immigrants held at Thaleimannar sand dunes

Mohamed Dilsad

China and N Korea confirm Kim Jong-un visit

Mohamed Dilsad

Leave a Comment