Trending Newsඑසැන පුවත්දේශීය

නව විදෙස් ගමන් බලපත්‍ර 15දා දිවයිනට ලැබෙනවා.

නව ආරක්ෂක ක්‍රම සහිත විදෙස් ගමන් බලපත්‍රය ලබන 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත්, ලබන 15 වැනි දා වනවිට එහි පළමු තොගය වන විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙන බවත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ඇණවුම ලැබීමෙන් පසු, දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එතෙක් දෛනිකව විදෙස් ගමන් පලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දැනට දෙපාර්තමේන්තුව සතුව විදෙස් ගමන් බලපත් හිස් පොත් 30000ක් පමණ පවතින බවත්, ඒවා කළමනාකරණයෙන් යුක්තව නිකුත් කිරීමට පියවර ගන්නා බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Related posts

Serkis, Knight, Wyatt up for “Venom 2”

Mohamed Dilsad

රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]

Mohamed Dilsad

President instructs not to increase lottery prices

Mohamed Dilsad

Leave a Comment