Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවකයන් තමන්ගේ අනාගතය ගැන සිතා ඡන්දය භාවිතා කරන්න – වජිර අබේවර්ධන

මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බවත් එය කිසිසේත්ම ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදු කළ කටයුත්තක් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කරයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ, කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලය ලැබූ සෑම අවස්ථාවකදීම රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනගිය බව සිහිපත් කළ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ 2024 ජනාධිපතිවරණය කුලයට හෝ ආගම්වාදයකට නායකයෙක් සොයන මැතිවරණයක් නොව, මේ රටට ශක්තිමත් ආර්ථිකයක් ඇතිකර දී ලෝකයේ බලගතු රටක් බිහිකරන නායකත්වය තෝරාගන්නා මැතිවරණයක් වන බැවින් රාජ්‍ය සේවක සැම තම අනාගතය ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතුයි.

‘උරුමය’ සහ ‘අස්වැසුම’ ද මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මිස විවිධ දේශපාලනඥයින් පවසන පරිදි ජන්දය අපේක්ෂාවෙන් ක්‍රියාවට නඟනු ලැබූ වැඩසටහන් නොවන බව පැවසූ වජිර අබේවර්ධන මහතා, මේ සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ආර්ථිකය හැසිරවීමෙන් ජනතාව ලබන ප්‍රතිලාභ බව පෙන්වා දුන්නේය.

Related posts

Cricket South Africa suspends three top officials

Mohamed Dilsad

பேருந்து மீது கல்வீச்சு தாக்குதல்

Mohamed Dilsad

Gotabhaya’s citizenship hearing to continue this morning

Mohamed Dilsad

Leave a Comment