Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අදාළ තීරණයකට කැබිනට් අනුමැතිය

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වන වාර්ෂික බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 300ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දැනට පවතින බඩඉරිඟු සහ සෝයා බෝංචි හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වාර්ෂික සැපයුම් අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට නොහැකි බැවින්, අවශ්‍ය ප්‍රමාණය ආනයනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ බඩඉරිඟු සහ සෝයා බෝංචි සපයා ගැනීම පිණිස ලංසු කැඳවා තිබේ.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කෙහෙළිය යළි රිමාන්ඩ්

Editor O

1,271 பேரின் சாரதி அனுமதிப்பத்திரங்கள் தற்காலிகமாக இடைநிறுத்தம்…

Mohamed Dilsad

Leave a Comment