Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි එෆ්64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟවැදුන සමිත දුලාන් කොඩිතුවක්කු නව තරඟ වාර්තාවක් සමගින් රිදී පදක්කමක් දිනාගත්තේය.

ඔහු එහිදී මීටර 67.03ක දක්ෂතාවක් වාර්තා කළේය. එෆ්44 කාණ්ඩයේ පෙර පැවති ලෝක වාර්තාව බිඳ දමමින් වීම විශේෂය.

එහි රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩක සුමිත් ඇන්ටිල් සමත් වූ අතර ඔහු මීටර් 70.59ක දක්ෂතාවක් දැක්වීය. සමිත දුලාන්ගේ මෙම ජයග්‍රහණය ටෝකියෝහිදී (2020) දිනූ ලෝකඩ පදක්කමෙන් පසුව ලැබූ පැරාලිම්පික් රිදී පදක්කම යි.

එමෙන්ම ඔහුගේ දක්ෂතාවය, පැරා ඔලිම්පික් තරඟවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් ජයග්‍රහණ අතර ඉහළින්ම සටහන්වේ. 2024 පැරිස් හි මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනූ එකම ක්‍රීඩකයා ඔහු ය.

Related posts

Class 12 girl drugged, raped by friend’s boyfriend – [VIDEO]

Mohamed Dilsad

கட்சித் தலைவர்கள் கூட்டம் ஆரம்பம்….

Mohamed Dilsad

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ හැසිරීම සමස්ථ ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙලා දකී

Mohamed Dilsad

Leave a Comment