Trending Newsඑසැන පුවත්දේශීය

ගෙන් ගෙට යෑමේදී පෙළපාලි තහනම් – මැතිවරණ කොමිෂම

මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහර හෝ පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් බවත්, එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී ඇත. තවද මැතිවරණ සමයේදී දේශපාලන පුවත් හා ලිපි හෝ දැන්වීම් අතිරේක යනාදිය රජයේ හෝ රජයේ ආයතනවල වියදමින් පළ නොකරන ලෙසද දැනුම්දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රජයේ නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකිය යුතු බවත් රජයේ කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්‍රයන්හි ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, ප්‍රදර්ශන පුවරු හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව කොමිසම සදහන් කරයි

Related posts

President seeks Australian nuclear technology for CKDu research

Mohamed Dilsad

20000 ஆயிரம் இளைஞர், யுவதிகளுக்கு இன்ப அதிர்ச்சி கொடுக்கும் பிரதமர்!

Mohamed Dilsad

ජනපති රනිල් බොරු කියනවා

Mohamed Dilsad

Leave a Comment