Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්

මැලේසියාවේ, ක්වාලාලම්පූර් හි පදික වේදිකාවක් මත සිටියදී එක්වරම එය පහළට කිඳා බැසිම නිසා අතුරුදහන් වූ ඉන්දියානු කාන්තාව සෙවීමේ සෝදිසි මෙහෙයුම අටවන දිනටත් සිදු කරන බව සඳහන්.

එම කාන්තාව සෙවීමේ මෙහෙයුම් කිරීම අවදානම් වැඩි බවයි බලධාරීන් දැන් පවසන්නේ. මෙම සිද්ධිය මැලේසියාව පුරා විශාල කතා බහක් ඇති කළ අතර 48 හැවිරිදි විජය ලක්ෂ්මි ගාලි නම් මෙම කාන්තාව සෙවීමට ගලවාගැනීම්කරුවන් 110 ක් පමණ පසුගිය සතියේ පැය විසිහතර පුරාම යොදවා තිබුණා.

නමුත් පැය 17ක මූලික සෝදිසියේදී සෙරෙප්පු යුගලක් පමණක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, කාන්තාව පිළිබඳ කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට මැලේසියාවට සංචාරයක නිරත වූ විජය ලක්ෂ්මි මහත්මිය සිය පවුලේ අය සමඟ අසල පිහිටි පන්සලක් දෙසට යමින් සිටියදී ජලාන් මස්ජිඩ් වීදියේ දී මෙම මීටර් 8 (අඩි 26) ගැඹුරු ගිලා බැසීමට ලක් වූ බව වාර්තා වනවා.

Related posts

වකුගඩු රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான மாகாணங்களில் மழை பெய்யக் கூடிய சாத்தியம்

Mohamed Dilsad

ඉම්තියාස් බාකීර් මාකර් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment