Trending Newsඑසැන පුවත්දේශීය

පනත් කෙටුම්පත් දෙකක් සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් නම්කරයි

(UTV | කොළඹ) –

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකාබැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කර ඇති බව කථානායකවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නම් කර තිබේ.

ඒ සහා සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, ජානක වක්කුඹුර, චාමර සම්පත් දසනායක, චන්දිම වීරක්කොඩි, මනෝ ගනේෂන්, ඉරාන් වික්‍රමරත්න සහ ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යන මන්ත්‍රීවරුන් පත් කර තිබෙනවා.

“පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරුන් ලෙස වශයෙන් කථානායකවරයා විසින් නම් කර තිබේ.

ඒ සඳහා පවිත්‍රාදේවි වන්නිආරච්චි, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක, අනුරාධ ජයරත්න, නීතිඥ චන්දිම වීරක්කොඩි, මනෝ ගනේෂන් සහ ඉරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නම්කර තිබේ.

Related posts

எவன்கார்ட் வழக்கு – சட்டமா அதிபர் தாக்கல் செய்த குற்றப் பத்திரிகைகள் பிரதிவாதிகளிடம் கையளிப்பு

Mohamed Dilsad

සජිත් අගමැති ධූරය භාර ගැනීමට තීරණය කෙරේ

Mohamed Dilsad

Supreme Court rejects Gota’s petition

Mohamed Dilsad

Leave a Comment