Trending Newsඑසැන පුවත්දේශීය

නිශාන්ත මුතුහෙට්ටිගම ට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධූරයක්.

(UTV | කොළඹ) –

බද්දේගම ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (19) පත්වීම් ලබාගත්තේය.
මෙයට අමතරව, පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙසද, හිටපු අමාත්ය පී. හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරුන් අනුරාධපුර දිස්ත්රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලබා ගත්තේය.
හම්බන්තොට දිස්ත්රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ජී. තිස්ස කුට්ටිආරච්චි, පී.දේවක වීරසිංහ මහත්වරු, ද ජනාධිපති අතින් පත්වීම් ලබාගත්තේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරුන් ලෙස නව පත්වීම් ලිපි ප්රදානය කිරීමත් අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු වූ අතර මෙහිදී නව කලාප සංවිධායකවරුන් 295 දෙනෙකු පත්වීම් ලිපි ලබාගත්හ.

Related posts

குழந்தைகளுக்கு பயத்தையும், ஆசையைும் ஏற்படுத்தும் படம் `சங்கு சக்கரம்’

Mohamed Dilsad

அமைச்சர் ரிஷாட் மீதான நம்பிக்கையில்லா பிரேரணை அடிப்படையற்றது: முசலி பிரதேச சபை ஏகமனதான கண்டனத் தீர்மானம்!

Mohamed Dilsad

மூவின மக்களுக்கும் பயனளிக்கும் மல்வத்து ஓயா திட்டம் இன ஐக்கியத்துக்கு பாலமாக அமையும் – அமைச்சர் றிஷாத்

Mohamed Dilsad

Leave a Comment