Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක්

(UTV | කොළඹ) –

රාජයේ සේවකයින්ට 2025 වසරේදී රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ඊයේ (17) පස්වරුවේ පැවති මංගල රැළියේදීය.

“පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප 24%කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරන බවයි

එමෙන්ම “පුළුවන් ශ්‍රී ලංකා” මැතිවරණ ව්‍යාපාරය රට බෙදන තැනක් නොව, රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බවත් තම අපේක්ෂාව වනුයේ සියලු දෙනා එක් කර ගනිමින් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟාදීම බව ද ව්ක්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Related posts

තවත් කොවිඩ් රැල්ලක අවදානමක්

Mohamed Dilsad

ජෙරම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment