දේශීය

ජෙරම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

 

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියේය.

 

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.

 

අදාළ දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණි

Related posts

මෙය අපට ඇති අවසන් අවස්ථාව…-ජනපති

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණේ

Editor O

Leave a Comment