Trending Newsඑසැන පුවත්දේශීය

මෛත්‍රීපාල, සමගි ජනබලවේගයට එකතුවෙලා නැහැ – එස්.එම්.මරිකාර්

(UTV | කොළඹ) –

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය ට සහය දෙන බවට, පළවන පුවත් සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති නොමැති බවද සමගි ජනබලවේගය නිකුත් කළ නිවේදනයක සඳහන්.

ඉදිරි ජනාධිපතිවරණයේ දී නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩායම් විසින් අසත්‍ය පුවත් නිර්මාණය කර, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බවද මරිකාර් මහතා සඳහන් කරයි.

මැතිවරණ කාලසීමාව තුළ සියලු පක්ෂයන්ට අභියෝගයක් වී ඇති සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් දේශපාලනයේ නිරත සියලු අපේක්ෂකයින්ගේ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විමසිලිමත්ව බුද්ධියෙන් ග්‍රහණය කරගන්නා ලෙස  සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

நாடளாவிய ரீதியில் தபால் திணைக்கள உத்தியோகத்தர்கள் வேலை நிறுத்தம்-(படங்கள்)

Mohamed Dilsad

Unemployed graduates tear-gassed

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ පහළට

Mohamed Dilsad

Leave a Comment