දේශීය

ගිනි ගත් නැවෙන් පීඩාවට පත් ධීවරයින්ට අද සිට වන්දි මුදල්

(UTV | කොළඹ) – මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද(15) ආරම්භ වේ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසුවේ, ධීවර පවුල් 9,883ක් වෙනුවෙන් වන්දි මුදල් ලබාදෙන බවය.

දිස්ත්‍රික්කයේ මීගමුව, වත්තල, ජා-ඇල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ධීවර පවුල් සඳහා එලෙස රුපියල් 5,000 වන්දි මුදල් හිමිවනු ඇති.

මීගමුවේ පවුල් 6,042ක්, වත්තල පවුල් 1,409ක්, කටානේ පවුල් 233ක් සහ ජා-ඇල පවුල් 69ක් අදාළ වන්දි මුදල් ලබා ගැනීමට නියමිතව තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් මිලියන 50ක මුදලක් තමන් වෙත ලැබී ඇති බවයි.

එම මුදල් ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් දිස්ත්‍රික් ධීවර නිලධාරීන් සමග ඒකාබද්ධව නෞකාවේ බලපෑමෙන් සෘජුව සහ වක්‍රව බලපෑමට ලක් වූ ධීවරයින් වෙත ලබාදීමට නියමිතය.

Related posts

නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් ජනපති ලේකම්ට ලිපියක්

Mohamed Dilsad

මත් උවදුර මැඩලීමට විශේෂ කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment