Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගනී.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව. මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත අද (15) සවස ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත පැමිණ සිටි ජනතාවගේ ද සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වූහ. ඉන් පසු, මහනුවර අස්ගිරි සහ මල්වතු මහා විහාරයට ගිය ජනාධිපතිවරයා, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමි සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්හ. මහනායක හිමිවරු දෙපළ සමග ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වූහ.

Related posts

Five illegal immigrants and 2 human smugglers held in Northern seas

Mohamed Dilsad

Niki Lauda, Austrian Formula 1 legend, dies at 70

Mohamed Dilsad

UAE announces amnesty for overstaying Lankans

Mohamed Dilsad

Leave a Comment