Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් – රිෂාඩ් අතර ගිවිසුමක්

(UTV | කොළඹ) –

සමස්ත ලංකා මහජන කොංග්‍රස, ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීරණය අනුව සමගි ජන සන්ධානය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම, කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී අද (15) සවස සිදු කෙරිණ.

සමගි ජන සන්ධානය වෙනුවෙන් එහි නායක සජිත් ප්‍රේමදාස සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය වෙනුවෙන් එහි නායක රිෂාඩ් බදියුදීන්  යන මහත්වරු, එම ගිවිසුමට අත්සන් තැබූහ.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. රට පුරා දිස්ත්‍රික් ගණනාවක් මහජනතාවගේ අදහස් විමසීමෙන් පසු ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට, සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බවද රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

 

Related posts

කින්නියා පොලීසියේ උප පොලිස් පරීක්ෂකයෙක් අත්අඩංගුවට

Editor O

சைட்டம் கல்லூரியை இரத்து செய்யுமாறு வலியுறுத்தி சத்தியாகிரகம்

Mohamed Dilsad

ආණ්ඩුව මුදල් අච්චු ගැසීම නවතයි

Mohamed Dilsad

Leave a Comment