Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට

(UTV | කොළඹ) –

2025 සිට වසර 3ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය තුළින් ඉලෙක්‌ට්‍රොනික පද්ධති මගින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ  (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ  පැවසීය.

එසේම රාජ්‍ය අංශයේ සියලුම සේවකයන් හා විශ්‍රාමිකයන් ද ඇතුළත්ව මාසිකව අවම රුපියල් දහසක දායකත්වයක් සහිත වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිවන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිව හිමී වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ජල විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළට

Mohamed Dilsad

காமினி செனரத் விடுதலை

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல் இடைக்கால அறிக்கை இன்று ஜனாதிபதிக்கு

Mohamed Dilsad

Leave a Comment