Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ගැන මන්ත්‍රී ශානක්‍යයන් විරෝධය පළ කරයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා ප්‍රකාශ කරයි.

කිසිදු ඡන්ද පදනමක් නොමැති පාර්ශ්ව කිහිපයක් විසින් පසුගිය වෙනිදා, පොදු අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත් කිරීම නොකළ යුතු දෙයක් යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ පිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. මේ පොදු අපේක්ෂකයා අවශ්‍ය නැති වැඩක් දෙමළ ජනතාවට. දෙමළ ජනතාවට කිසිම උනන්දුවක් නෑ පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා. දැනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් එක්කෙනෙක් නියත වශයෙන්ම ජනාධිපති වෙනවා. ඡන්ද වෙන අයෙකුට යන එක වළක්වන්න වෙනත් අපේක්ෂකයෙකුගේ උවමනාවට ඉදිරිපත් වුණා කියලත් මතයක් තියෙනවා.”

Related posts

Court recalls Notice issued on Gotabaya

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Sister Sledge dies at 60

Mohamed Dilsad

Leave a Comment