Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික පාසල් ගුරු පුරප්පාඩු සඳහා දුන් පත්වීම් 1700න් 462ක් භාරගෙන නැහැ.

(UTV | කොළඹ) –

ජාතික පාසල්හි ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ලබාදුන් පත්වීම් 1700න් 462ක් භාරගෙන නැති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

ජාතික පාසල්හි ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණවේදය සහ විදේශ භාෂා සඳහා පැවැති පුරප්පාඩු සඳහා උපාධිධාරීන් 1700කට දුන් ගුරු පත්වීම්වලින් 462ක් පත්වීම් ලබාගෙන නැති බව ද ඇමැතිවරයා පැවැසීය. මීට සති දෙකකට පමණ පෙර පත්වීම් ලබාදීම සිදු කර දින 14කින් පසුව පත්වීම් භාර ගත් පිරිස ගැන සොයා බැලීමේදී පත්වීම් නොගත් 462ක් සිටින බව ද ඇමැතිවරයා පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය. රැකියා නැති පිරිස්වලට ලබාදුන් පත්වීම් භාර නොගැනීම පුදුමයට කරුණක් බවත්, වවුනියාව මඩුකන්ද සහ උහන ජාතික පාසල් ඇතුළු දුෂ්කර පළාත්වල ජාතික පාසල්වලට ලබාදුන් පත්වීම් භාරගෙන නැති බවත් එය පුදුමාකාර ගැටලුවක් බවත් ඇමැතිවරයා කීය. මේ දුෂ්කර ප්‍රදේශවලින් විද්‍යා උපාධිධාරීන් බිහි නොවන බවත් එම නිසා වෙනත් ප්‍රදේශවලින් බිහිවෙන උපාධිධාරීන් එම ප්‍රදේශවල ඉගැන්වීම් කටයුතුවලට යොමු කිරීම හැර වෙනත් විකල්ප නැති බවද අමාත්‍යවරයා කීවේය. උපාධියක් ගත් පමණින් ඕනෑම අයකුට ගුරු වෘත්තියට ඇතුළත් වීමට අවස්ථාවක් නැති බවත් පාසල් තුළ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් හෙතෙම සදහන් කළේය.

Related posts

Trump inspects border wall prototypes in California

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව බිඳ වැටුණු හැටි – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

Mohamed Dilsad

இன்று இரவு சில ரயில் சேவைகள் ரத்து

Mohamed Dilsad

Leave a Comment