Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.

(UTV | කොළඹ) –

ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම ධීවර ගැටලුව සම්බන්ධයෙන් මානුෂීය ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉන්දීය රජය සෑම අවස්ථාවකදීම අවධාරණය කර ඇති බවයි.

ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය ඉහළම ප්‍රමුඛතාවක් ලබාදෙන අතර රටවල් දෙකම මෙම ගැටලුව සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කර මෙවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව ඔවුන් පෙන්වාදී තිබෙනවා.

උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

Related posts

ජෝන් බෝල්ටන් ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

නිරෝධායන වන අය ගැන සෙවීමට බුද්ධි අංශය යෙදවේ

Mohamed Dilsad

Ryder Cup winner charged with sexual assault

Mohamed Dilsad

Leave a Comment