Trending Newsඑසැන පුවත්දේශීය

විමල් වීරවංශට එරෙහි නඩුවක් ජනවාරි 29 ට කල් යයි.

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි 29 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40 ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බවටයි විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට චෝදනා ගොනු කර ඇති බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති විමල් වීරවංශ ,මොහොමඩ් මුසම්මිල් , සමන්ත ලොකුහැන්නදිගේ ඇතුළු කිහිප දෙනෙකු නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මේ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව නඩුව, ජනවාරි 29 දක්වා කල් තැබිණ.

Related posts

පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා සහනයක්

Mohamed Dilsad

රිෂාඩ් ඇතුළු අනෙකුත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක් [වීඩියෝ]

Mohamed Dilsad

කුකුල් මස් සඳහා පාලන මිලක්

Mohamed Dilsad

Leave a Comment