Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

(UTV | කොළඹ) –

පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් ලෙස වාර්තා වී තිබෙනවා.

රට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වයට ළඟාවීමට හැකි වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බලයලත් ආර්ථික මෙහෙයුම්කරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුව සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

මෙමගින් මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන 31ක් සඳහා සහතික හිමිවන අතර ඔවුන්ගේ ආනයන සහ අපනයන කටයුතු රේගු පරීක්ෂණවලින් බැහැරව සිදු කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවෙනවා. වසර ගණනාවක් ඔවුන්ගේ ආනයනය සහ අපනයනය පිළිබඳ සිදුකළ අධීක්ෂණයකින් පසුවයි අදාළ සමාගම් වෙත මෙම සහතිකය ලබා ගැනීමේ අවස්ථාව උදාකර දී ඇත්තේ.

Related posts

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නැහැ – ජනපති

Mohamed Dilsad

Hit and run accident kills mother of two

Mohamed Dilsad

Disappointing that SL need to qualify for T20 World Cup – Lasith Malinga

Mohamed Dilsad

Leave a Comment