Trending Newsඑසැන පුවත්දේශීය

මහින්දගේ ලොකු අතක් සජිත්ට එකතුවෙයි.

(UTV | කොළඹ) –

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයදැක්වීම සඳහා සමගි ජනබලවේගය සමග එක්ව ඇති හෙට්ටිගේ මහතා ඊට අදාළ පත්වීම පසු ගියදා පාර්ලිමේතුවේ විපක්ෂනායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබා ගත්තේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සහ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේදී කුමාරසිරි හෙට්ටිගේ මහතා ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසද කාලයක් කටයුතු කළේය. හෙතෙම, ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් ලෙසද කලක් සේවය කළ කෘතහස්ත මාධ්‍යවේදියෙකි

Related posts

சிறுவர்களை பாதுகாப்போம் தேசிய வேலைத்திட்டம் – ஜனாதிபதி தலைமையில் நாளை

Mohamed Dilsad

“High quality rice at affordable prices” – Agriculture Minister

Mohamed Dilsad

කිණිතුල්ලන් මගින් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හමුවෙයි.

Editor O

Leave a Comment