Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුව දෙකඩ වෙන විදිය ගැන නාමල් රාජපක්ෂ කියපු කතාව

(UTV | කොළඹ) –

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමේ දායාදය පොදුජන පෙරමුණ දෙකඩවීම බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී අද (25) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා. අපිට නොගැලපෙන දේවල් කළත් අද වෙනකම් අපි වචයකින්වත් මුකුත් කළේ නැහැ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක. ඉතින් ඉදිරියේදී අපි දේශපාලන තීන්දුවක් ගමු. හැබැයි අපි අවංකව රනිල් මහත්තයාට උදව් කළා. එතුමා එහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි. පුරුද්දට. එතුමාව ගේනකොටත් අපි ඒක දන්නවා. එජාපය කැඩුවා, ශ්‍රීලනිපය, යහපාලන ආණ්ඩුව, ජවිපෙ කැඩුවා, එල්ටීටීඊ  කැඩුවා.”

“රනිල් වික්‍රමසිංහ මහතා එක්ක අපි අදටත් සාකච්ඡා කරනවා. ගැලපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම්.” ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව නිවේදනය කළ හැමෝම එක්ක සාකච්ඡා කරනවා. ඉන් පස්සේ අවසන් තීන්දුවක් ගන්නවා. කොහොම වුණත්, විපක්ෂය ආරක්ෂා කරගෙන රටට අවශ්‍ය දේශපාලන තීන්දුව රට වෙනුවෙන් ගන්නවා යැයි ද නාමල් රාපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.

Related posts

Sir Kim Darroch: UK ambassador to US resigns in Trump leaks row

Mohamed Dilsad

Rabada hits 150 km/h to steer South Africa to victory over Sri Lanka

Mohamed Dilsad

මල්ලිගේ පහරදීමෙන් අයියා මරුට

Mohamed Dilsad

Leave a Comment