Trending Newsඑසැන පුවත්දේශීය

ජනපති  අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ඕන – නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

ජනපති  අපේක්ෂකයා  එළියෙන්  එනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු  යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පවසයි. අගමැතිකම දෙනවනම්  පක්ෂය සමග මිස තමා සමඟ කතා කතා කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක්  අවසානයේ මාධ්‍ය කළ විමසුමකදීය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.   මැතිවරණ කමිටු පිහිටු වීම , කාර්යාල දැමීම , ගෙන් ගෙට යෑ ම වැනි දෑ ගැන අද දිනයේ සාකච්ඡා කළා.  පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කළේ  නැහැ. ඒ ගැන  සාකච්ඡා කළ  යුත්තේ දේශපාලන මණ්ඩලයයි.

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ  රටට ගැලපෙන අපේක්ෂකයා  තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු  විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ  පක්ෂයට තිබෙන  තැන  ගැන අපි තීරණය කළ  යුතු වෙනවා.

Related posts

நிலையான சமாதானத்துடன் கூடிய அபிவிருத்தியே நோக்கம் – ஜனாதிபதி

Mohamed Dilsad

රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කථානායක අත්සන තබයි

Mohamed Dilsad

Leave a Comment