Trending Newsඑසැන පුවත්දේශීය

ජනපති  අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ඕන – නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

ජනපති  අපේක්ෂකයා  එළියෙන්  එනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු  යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පවසයි. අගමැතිකම දෙනවනම්  පක්ෂය සමග මිස තමා සමඟ කතා කතා කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක්  අවසානයේ මාධ්‍ය කළ විමසුමකදීය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.   මැතිවරණ කමිටු පිහිටු වීම , කාර්යාල දැමීම , ගෙන් ගෙට යෑ ම වැනි දෑ ගැන අද දිනයේ සාකච්ඡා කළා.  පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කළේ  නැහැ. ඒ ගැන  සාකච්ඡා කළ  යුත්තේ දේශපාලන මණ්ඩලයයි.

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ  රටට ගැලපෙන අපේක්ෂකයා  තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු  විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ  පක්ෂයට තිබෙන  තැන  ගැන අපි තීරණය කළ  යුතු වෙනවා.

Related posts

பாரிய யுத்தக் கப்பலொன்றை வாங்க தயாராகும் கடற்படை!

Mohamed Dilsad

சூரி­ய­ கி­ர­க­ணத்தை வெற்­றுக் கண்களால் பார்ப்பது பாதிப்பு

Mohamed Dilsad

“No LPG price hike now,” Minister Rishad Bathiudeen assures

Mohamed Dilsad

Leave a Comment