Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අපේක්ෂකත්වය රනිල්ට – අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් යෝජනාවක්

(UTV | කොළඹ) –

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් අද (21) පැවති එක්ව ජයගමු ජන රැළියේදී ප්‍රසන්න රණතුංග මහතා වසින් ඉදිරිපත් කළේය. එයට බහුතර පිරිසකගේ කැමැත්ත ප්‍රකාශ කෙරිණ,

කඩවත, බස්නැවතුම්පොළ භූමියේ පැවති මෙම රැළියේදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්, එහිදී වේදිකාවේ රැඳී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 28 දෙනෙකු හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 380 දෙනෙකු මෙන්ම රැස්වීමට සහභාගී වූ ජනතාව ද අත් ඔසවමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කළේය.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේ දී පිළිතුරු ලබා දෙන බවයි

Related posts

Suspect arrested with 3kg of Kerala cannabis

Mohamed Dilsad

කොරෝනා එන්නත් ලබාදීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

சஜித் பிரேமதாச அமோக வெற்றி பெறுவார் – எம். எச். ஏ. ஹலீம் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment