Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අපේක්ෂකත්වය රනිල්ට – අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් යෝජනාවක්

(UTV | කොළඹ) –

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් අද (21) පැවති එක්ව ජයගමු ජන රැළියේදී ප්‍රසන්න රණතුංග මහතා වසින් ඉදිරිපත් කළේය. එයට බහුතර පිරිසකගේ කැමැත්ත ප්‍රකාශ කෙරිණ,

කඩවත, බස්නැවතුම්පොළ භූමියේ පැවති මෙම රැළියේදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්, එහිදී වේදිකාවේ රැඳී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 28 දෙනෙකු හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 380 දෙනෙකු මෙන්ම රැස්වීමට සහභාගී වූ ජනතාව ද අත් ඔසවමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කළේය.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේ දී පිළිතුරු ලබා දෙන බවයි

Related posts

Dengue outbreaks increase with climate change

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ 244 ක් වෙයි [RELEASE]

Mohamed Dilsad

රාජකාරියේ වගවීම පැහැරහැරි තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Editor O

Leave a Comment