Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රටවල් රැසක පරිගණක පද්ධති බිඳවැටීමක් – ගුවන්තොටුපොළ, බැංකු ඇතුළු සේවා රැසක් අඩාලයි.

(UTV | කොළඹ) –

ඇමෙරිකාවේ සයිබර් ආරක්ෂණ සේවා සපයන ආයතනයක මතුවී ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රටවල් රැසක අන්තර්ජාල ආශ්‍රිත පරිගණක තාක්ෂණ සේවාවලට දැඩි බාධා මතුව ඇතැයි විදේශ ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි. මයික්‍රොසොෆ්ට් වින්ඩොස් මෙහෙයුම් පත්ධති ක්‍රියාත්මක පරිගණකවල මෙම ගැටළුව වාර්තාවෙමින් තිබේ.

මේ හේතුවෙන් බැංකු , ගුවන්තොටුපොළ මෙහෙයුම් , ගුවන්  ගමන් , මාධ්‍ය විකාශන කටයුතු , සුපිරි වෙළඳසැල්, රෝහල් ඇතුළු සේවා රැසකට බලපෑම් එල්ල වී ඇති බව සඳහන්. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය සහ ඉන්දියාවෙන් මේ වන විට මෙම ගැටළු වාර්තාවෙමින් ඇතැයි විදේශ ප්‍රවෘත්ති ආයතන සඳහන් කරයි.

ඇම‍ෙරිකාවේ ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගමේ ෆැල්කන් මෘදුකාංගයේ තාක්ෂණික ගැටලුවක් නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.   මයික්‍රොසොෆ්ට් වින්ඩොස් ඇතුළත් පරිගණකවල  සයිබර් ආරක්ෂණය සඳහා බහුලව භාවිත කරන්නේ ෆැල්කන් නැමති  අදාළ මෘදුකාංගයයි.

පරිගණක ඔන් කළ විට පැමිණෙන යාවත්කාලීන වින්ඩෝවේ පරිගණකය නතරවී තිබීම මෙම ගැටළුවයි.   ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය, කැනඩාව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් රැසකට ද, මින් බලපෑම් එල්ලවී තිබෙන බව සදහන්.

 

Related posts

අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට වැඩවරදී..!

Editor O

දකුණු අප්‍රිකාව තුල කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

Mohamed Dilsad

Troops assist inter school band competition

Mohamed Dilsad

Leave a Comment