Trending Newsඑසැන පුවත්දේශීය

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ජනපති අතර හමුවක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔද්රි අසුලේ මහත්මිය කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) හමුවූවාය.

ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙල ඊයේ (16) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.

ඊට ප්‍රධාන ආරාධිතයකු ලෙස ඊයේ (16) අලුයම දිවයිනට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඔද්රි අසුලේ මහත්මිය ද සහභාගී වූවාය. මෙහිදී පාසල් ළමුන් විසින් මෙරට සංස්කෘතිකාංග ඇතුළත් ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිසමේ ලේකම් ජනරාල් මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙරට සංචාරය අතරතුර ඔද්රි අසුලේ මහත්මිය මහනුවර, දඹුල්ල වැනි ඓතිහාසික වටිනාකම් සහිත යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයන් නැරඹීමට යාමට ද නියමිත ව ඇත.

Related posts

ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

Natalia Fileva: Russia airline co-owner dies in private plane crash

Mohamed Dilsad

2012 Welikada Prison Riot: Rangajeewa and Lamahewa further remanded

Mohamed Dilsad

Leave a Comment