Trending Newsඑසැන පුවත්දේශීය

වර්ජනයේ නිරත උද්දච්ච දුම්රිය සේවකයෝ රැකියාවෙන් නෙරපයි.

(UTV | කොළඹ) –

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) සවස මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේය.

ඔහු පැවසුවේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවයි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බවත්, දුම්රිය වෘත්තීය සමිති ත්‍රස්තවාදීන් රටේ නීතිය අභියෝගයට ලක්කරමින් කටයුතු කරනවා. ඒ අනුව වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ට සේවය හැරගියා සේ සලකා ලිපි නිකුත් කළ බව අමාත්‍යවරයා කීවේය.

වෘත්තීය ඉල්ලීම් යැයි සලකා රටේ ජනතාවට බලහත්කාරය පෑමට කිසිදු වෘත්තීය සමීතියකට ඉඩ නොමැති බවත් යුද හමුදාව සහ ආරක්ෂක අංශ යොදවා දුම්රිය සේවාවන් හැකි අයුරින් ලබාදීමට උපරිම උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය

Related posts

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

Mohamed Dilsad

India monitors projects in the Eastern Province

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැති හමුවෙති

Mohamed Dilsad

Leave a Comment