දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැති හමුවෙති

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව යළි වැඩ වර්ජනයකට යාම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද දහවල් 11ට අරලියගහ මන්දිරයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට යි නියමිතව ඇත්තේ.

ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් පසුගියදා එම සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කළ අතර, දින 4කට පසු පසුගිය 24 වන දා අත්හිටවූවා.

ඉන් අනතුරු ව එම සංගමය අග්‍රාමාත්‍යවරා සමග මෙලෙස සාකච්ඡාවකට එළඹෙන්නේ.

දින 4ක් පැවති වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියකින් තොර ව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලයිස්තු සැකසීම, වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොර ව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදු කිරීම, 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත්නොකිරීම ඇතුළු කරුණු 07කට විරෝධය පළ කරමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා වර්ජනයක් දියත් කළේ.

Related posts

ජා ඇළ සහ වත්තලට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

ඉන්දියාවේ ගුවන් අනතුරෙන් 290 ක් මරුට

Editor O

Leave a Comment