Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර උසාවියේ බෝම්බ බියක් ඇති කළ සිද්ධියට පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට

(UTV | කොළඹ) –

මහනුවර අධිකරණය  තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද (02) දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ දුරකථනය ඔහු සන්තකයේ නොතිබුණු බවත් එම දුරකථනය ඊයේ (01) දහවල් අස්ථානගත වූ බවත් සැකකරු පොලීසියට පවසා ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද අදාළ පණිවුඩය හේතුවෙන් එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණි. එමෙන්ම එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගැණුනි. බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එක්ව අදාළ සෝදිසි මෙහෙයුම සිදුකළේය.

Related posts

தம்புள்ளை விகாரையின் புராதன சின்னங்களை பாதுகாக்க இணக்கம்!

Mohamed Dilsad

FCID to produce facts on Wijeweera & Seneviratne in Court

Mohamed Dilsad

UNSC resolution on Jerusalem vetoed by US

Mohamed Dilsad

Leave a Comment