Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් සහ විපක්ෂ නායක අතර හමුවක්

(UTV | කොළඹ) –

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රොත් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර ඊයේ (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. මේ අවස්ථාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලී චුන්ග් මහත්මිය ද එක්සත් ජනපදය නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සහභාගී වූහ.

මෙහි දී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය, දේශපාලනික කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් රජයේ අදුරදර්ශී බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති අයුරු පිළිබඳ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම්වරයාව දැනුවත් කරන ලදී.

එසේම සමගි ජන බලවේග රජයක් තුළ ජනතාවට සහන සලසමින් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරයත් අයි.එම්.එෆ්. ගිවිසුම නැවත සලකා බලා එය ජනතා හිතවාදී ලෙස සංශෝධනය කර පවතින බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට සමගි ජන බලවේගයට ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුවත් කරන ලදී.

එසේම මැතිවරණ දිගින් දිගටම කල් දැමීම තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය වී ඇති ආකාරයත් විපක්ෂ නායකවරයා විසින් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම්වරයාව දැනුවත් කරන ලදී.

මේ අවස්ථාවට සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, වී රාධාක්‍රිෂ්ණන්, නිරෝෂන් පෙරේරා සහ මහාචාර්ය ජී. ඇල්. පීරිස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්විය.

Related posts

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට අහිමි කළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – වෛද්‍ය චමල් සංජීව

Editor O

“Post Easter attacks, Sri Lanka is still a paradise” – Jacqueline

Mohamed Dilsad

திரிபீடகத்தை UNESCO உலக மரபுரிமை ஆவணத்தில் உள்ளடக்கும் செயற்பாடுகளுக்கு குழு நியமனம்…

Mohamed Dilsad

Leave a Comment