Trending Newsඑසැන පුවත්දේශීය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට අහිමි කළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – වෛද්‍ය චමල් සංජීව

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට අහිමි කිරීමේ තීන්දුව ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ඊට එරෙහිව නඩු පවරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තික සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වාර්ෂිකව සිසුන් පනස්දහසක් පමණ විදෙස් අධ්‍යාපනය සඳහා යොමු වන බවත් ඒ නිසා රටට වසරකට ඩොලර් බිලිනයක් පමණ අහිමි වන බවයි. ඒ අතරින් 800ක් පමණ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන බවත් ඒ එක් සිසුවෙකුට වර්ෂයකට අවම වශයෙන් මිලියන 10 බැගින් මිලියන 8000ක මුදල් යොමු කරන බවත් වෛද්‍ය චමල් සංජීව අවධාරණය කරයි.

එසේම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි පාඨමාලා ගණනාවක් පවතින පසුබිමක වෛද්‍ය අධ්‍යාපනය සඳහා පමණක් දොර වැසීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද හෙතෙම සඳහන් කරයි.

මෙරට ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වන බලධාරීන් උසස් පෙළ අසමත්ව විදෙස් රටවලට ගොස් වෛද්‍ය උපාධිය ලබා ගෙන පැමිණෙන අය පිළිගැනීම හාස්‍යයට කරුණක් බව ද වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි.

Related posts

Adultery no longer a crime in India

Mohamed Dilsad

PSC seeks term extension

Mohamed Dilsad

Justin Timberlake gives sweetest shout out to family after winning award

Mohamed Dilsad

Leave a Comment