Trending Newsඑසැන පුවත්දේශීය

ආර් සම්බන්ධන් මහතාගේ දේහය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයට

(UTV | කොළඹ) –

අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර් සම්බන්ධන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කර තැබීමට, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කර තිබේ.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරයාගේද සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත් වී තිබෙනවා. අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතාගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පහසුකම් සැපයීමේ කටයුතු සඳහා සියලු උපදෙස්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අදාළ නිලධාරීන් වෙත ලබා දී තිබේ. පාර්ලිමේන්තුව හෙට (02) රැස් වී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරන අතර, පාර්ලිමේන්තුව අනිද්දා (03) රැස් නොවන බවද මෙහිදී තීරණය කර ඇති බව සඳහන් මීට පෙර දැනුම් දී තිබුණේ හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වීමටයි.

Related posts

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

Mohamed Dilsad

“சந்தர்ப்பக் கைதியாகும் முஸ்லிம் உம்மத்”

Mohamed Dilsad

George Miller to direct “Years of Longing”

Mohamed Dilsad

Leave a Comment