Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන නීතිපතිවරයයෙක් දිවුරුම්දෙයි.

(UTV | කොළඹ) –

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ. අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකර ඇත. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය. පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වේ.

Related posts

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

Real Madrid’s Bale set for return against Barcelona

Mohamed Dilsad

ஜனாதிபதிக்கு றிப்கான் பதியுதீன் அவசர கடிதம்

Mohamed Dilsad

Leave a Comment