Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක්

(UTV | කොළඹ) –

රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.  එම නිලධාරින්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනා වෙනුවට සේවා කාලය නොසලකා මෙම මාසික දීමනාව ගෙවීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

පසුගිය 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, එළඹෙන ජූලි පළමුවනදා සිට එය බලපැවැත්වේ. මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත එම චක්‍රලේඛය නිකුත් කළ බව ද පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

එම චක්‍රලේඛය පහත පීඩීඑෆ් ගොනුව බාගතකර කියවිය හැක.

1719490535-18-2015-v-s

Related posts

ஹிரோஷிமாவில் அணுகுண்டு வீசப்பட்டதன் 73-ம் ஆண்டு நினைவுநாள்

Mohamed Dilsad

கொழும்பு -கடுவலை மாநகர சபை உத்தியோகபூர்வ முடிவுகள்

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලිවල අලුත්ම තත්ත්වය

Editor O

Leave a Comment