Trending Newsඑසැන පුවත්දේශීය

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

(UTV | කොළඹ) –

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කල්මුණේ , මූතූර් , කොළඹ – 10 , කළගෙඩිහේන් සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් – 50 ත් අතර පසුවන පුද්ගලයන් බවද සඳහන්.

මෙම පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර ( ස්කෑන් ) පරීක්ෂා කිරීම් වලට යොමු කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාව පැය-24 පුරා ක්‍රියාත්මක එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අරඹයි [වීඩියෝ]

Mohamed Dilsad

දුම්රිය රියදුරන් හදිසියේ ගත් තීරණය

Mohamed Dilsad

ஜிம்பாப்வேயில் நடைபெற்ற அதிபர் தேர்தலில் எம்மர்சன் நங்கக்வா வெற்றி…

Mohamed Dilsad

Leave a Comment