Trending Newsඑසැන පුවත්දේශීය

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

(UTV | කොළඹ) –

ගුරු – විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබේ.  එම විරෝධතාව අද (26) දහවල් පැවැත්වීමට නියමිතව ව තිබේ.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අද (26) උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද,  NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම වළකින ලෙසත් සංදේශ භාරදීම සඳහා සුළු කණ්ඩායමකට පමණක් වගකිව යුතු රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව ලබාගත් අවසරයක් මත ඇතුළු වීමට බාධාවක් නොමැති බවටත් අධිකරණයෙන් නියෝගයේ සඳහන්ය.

මේ අතර පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසත් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1X පරිචේදයේ ප්‍රතිපාදන පරිදි හා විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව ආඥාවක් නිකුත් කර ඇත.  නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මුලික අයිතිවාසිකම ට මෙම නියෝගයෙන් කිසිදු බාධාවක් නොමැති බව ද අධිකරණ නියෝගයේ සඳහන්ය

Related posts

විශේෂ තේමාවක් යටතේ නෙළුම් කුළුණ අද සවසට ආලෝකමත් වෙයි

Mohamed Dilsad

Sri Lanka discusses maritime security at ASEAN Regional Forum

Mohamed Dilsad

Virat Kohli says players’ careers are not at stake in third Test

Mohamed Dilsad

Leave a Comment