Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජනබලවේගය ජූලි 07 දා ගම්පහින් ජනාධිපතිවරණ සටහන අරඹයි.

(UTV | කොළඹ) –

ජනාධපතිවරණය සඳහා සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය, එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 07 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් අරඹන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ ඊයේ (24) කෝට්ටේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ දී, ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ සූදානම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුව අමතමින්, මෙම මාධ්‍ය හමුවට මැතිවරණ ජයග්‍රහණයකට වැඩි වශයෙන් බලපාන ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු සහ සංවිධායකවරු සමඟ පැවැත්වූ අතර රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, අජිත් මාන්නප්පෙරුම, නාලක ගොඩහේවා යන මහත්වරුන් සහ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකවරුන් මේ සඳහා එක්ව සිටියහ.

මහලේකම්වරයා කියා සිටියේ ගම්පහ පැවැත්වෙන “ජනපවුර” වැඩසටහන හරහා සමගි ජනබලවේගයේ මැතිවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරිමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බවයි. මෙම ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සුදානම් කර ඇති “ජනපවුර” වැඩසටහන කඩාකප්පල් කිරීමට බොහෝ දෙනෙක් කටයුතු කරමින් සිටින බවත් සමගි ජනබලවේගයේ නායකයාව සහ පක්ෂයේ ක්‍රියාකාරීන්ව කෙතරම් විවේචනය කළද එය පක්ෂයට කිසිසේත් බලනොපාන බවයි එතුමා සඳහන් කරන්නේ.

Related posts

හිටපු යුධ හමුදාපතිවරු තිදෙනෙකු ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය සම්බාධක පනවා ඇතැයි කියන සිදුවීම දන්නේ නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර

Editor O

Sangakkara emphasises with “Enormous certainty” he will never enter politics

Mohamed Dilsad

ලාංකිකයා කෘර ලෙස මරා දැමූ පාකිස්තානුවෝ 100ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment