Trending Newsඑසැන පුවත්දේශීය

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය

(UTV | කොළඹ) –

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සැලසුම් කර ඇත.

ඒ අනුව එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක් ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

Related posts

IOC සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා

Mohamed Dilsad

හිටපු පොලිස් නිලධාරියා හෙරොයින් සමග හසුවෙයි

Mohamed Dilsad

Afghan ambassador calls on President

Mohamed Dilsad

Leave a Comment