Trending Newsඑසැන පුවත්දේශීය

රටේ තිබෙන්නේ වාසි පැත්තට හුරේ දාන පැත්තෙන් පැත්තට පනින දේශපාලනයක්

(UTV | කොළඹ) –

රටේ තිබෙන්නේ වාසි පැත්තට හුරේ දාන පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයක් බවත් බලය නොමැති තැන සිට බලය ඇති තැනට යන්නේ මුදලට වරදාන වරප්‍රසාද හා ප්‍රතිලාභවලට බවත් බියර් බලපත්‍ර, මත්පැන් බලපත්‍ර උපයෝගී කර ගෙන මන්ත්‍රීවරු බිලී බා ගන්න හදන බවත් පාසල්වලට පරිගණක සුහුරු බෝඩ් නොමැති වුවත් ඒවා ගැන නොසිතා රට හැදිය හැක්කේ බියර් බලපත්‍රවලින් කියා ප්‍රතිපත්ති සම්පාදකයන් සිතන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් මෑත කාලයේ දේශපාලන වාසි තකා ලබා දුන් හොර බියර් බලපත්‍ර, අරක්කු හා මත්පැන් බලපත්‍ර සියල්ල සමගි ජන බලවේග රජයක් තුළ අහෝසි කරන බවත් රටේ අනාගතය විය යුත්තේ අරක්කු බලපත්‍ර නොව පාසල් දූදරුවන්ට නිසි ආරක්ෂිත මෙවලම් සහිත ටැබ් එකක් අයිපෑඩ් එකක් ලබා දීම බවත් සංචාරක ප්‍රවර්ධනය අරමුණින් මේ මත්පැන් බලපත්‍ර ලබා දෙනවා නම් ඒවා දිය යුත්තේ නිසි ස්ථානීය පරීක්ෂාවකින් සහ විනිවිදභාවයකින් යුක්තව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කළුතර අගලවත්ත වැලිපැන්න රහුමානියා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 254 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට 23 වෙනිදා එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය. එසේම මේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට මේ රජය විසින් ලබා දුන් සියලුම වරදාන වරප්‍රසාද මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරන බවත් එවිට ජනතාවට සත්‍ය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Related posts

කළුතර නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

Prime Minister Mahinda Rajapaksa obtained SLPP membership

Mohamed Dilsad

11 இளைஞர்கள் கடத்தப்பட்டு காணாமல் ஆக்கப்பட்ட வழக்கின் சந்தேக நபர்களின் விளக்கமறியல் காலம் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment